නාවික හමුදාව විසින් අද (30) අලුයම ත්රිකුණාමලය, කෝකිලායි ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් අට දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
නැගෙනහිර නාවික විධානය විසින් ත්රිකුණාමලය, කෝකිලායි ප්රදේශය ආශ්රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් අටදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
එහිදි ඔවුන් සතුව තිබි සොයා ගන්නා ලද තහනම් දැලක්, ඩිංගි යාත්රාවක් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.