තව්හීද් ජමාත් ව්‍යාපාරයට උපකාර කළේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් යම් හෙයකින් ඔහු තවත් වසර 10ක් කොළඹ නගරය පාලනය කළානම් කොළඹ නගරය විදේශිකයන්ට විකුණන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරික ප්‍රජාව හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
“මාළිගාවත්ත පැත්තේ ක්‍රියාත්මක වුණු තව්හිද් ජමාත් ව්‍යාපාරයට ආධාර උපකාර කළේ වෙන කවුරුවත් නෙවෙයි, ගෝඨාභය රාජපක්ෂ මහ්තතයා ආරක්ෂක අමාත්‍යාංශයේ ඉඳන්. මොකටද මේ රටේ මධ්‍යස්ථ මුස්ලිම් මිනිහට ගහන්න.
ඒ වගේම කොටි සාමාජිකයෙන් දහස් ගණනක් බුද්ධි අංශවලට බඳවාගෙන දෙමළ මිනිහට ගහන්න. අන්තවාදී කල්ලි කණ්ඩායම් හදලා බෞද්ධයාට හිරිහැර කරන්න. එකම ජුන්ටාවක් හැටියට මිලිටරිකාරයෝ හැටියට බැරැක්කයක් හැටියට රට පාලනය කළේ.
යුද්ධ හමුදා මූලස්ථානය තිබුණු තැන යුද්ධ හමුදාව පාරට ඇදලා දාලා, අදටත් පාරෙ ඉන්නෙ සරණාගතයෝ හැටියට. ඒ ඉඩම වික්කා ෂැන්ග්රී-ලා සමාගමට. කොළඹ නගරයේ ගෝඨාභය තව අවුරුදු දහයක් හිටියානම් මේ කොළඹ නගරයෙන් බිම් අඟලක්වත් ඉතුරු කරන්නේ නෑ. විදේශිකයින්ට විකුණලා තමන්ගේ පොකට් පුරවගත්ත එක තමයි කළේ.”