කරුවලගස්වැව තේවනුවර විශුද්ධාරා විහාරස්ථානයේ කාමරයක් තුළ තිබි මිනිස් ඇටසැකිල්ලක් අද (11) සොයා ගත් බව කරුවලගස්වැව පොලීසිය පවසයි.
තේවනුර විශුද්ධාරාම විහාරස්ථානයේ වාසය කළ චිවරධාරියකු විසින් මෙම මිනිස් ඇට සැකිල්ල විහාරස්ථානය අසල සොහොනකින් රැගෙන විත් ඇති බවට මේ වන විට පොලිස් මුලික විමර්ශන වලදී හෙළීවි තිබේ.
අදාළ මිනිස් ඇටසැකිල්ල විහාරස්ථානයේ කාමරයක් තුළ තිබෙන බවට ලැබුණ තොරතුරක් මත කරුවලගස්වැව පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් විහාරස්ථානයට පැමිණ සොයා බලද්දී අදාළ චිවරධාරියා ඔහු රැඳි සිටි කාමරය තුළ අදාළ මිනිස් ඇටසැකිල්ල රඳවාගෙන තිබියදී හමුව තිබේ.
පොලීසිය පවසන්නේ අදාළ ඇටසැකිල්ලට සරසා තිබු ඇදුම් පවා ශරිරයෙන් ඉවත් විමක් පවා සිදුව නොතිබුණ බවයි . ඒ හේතුවෙන් දුගදක් පවා වහනය වන බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ චිවරධාරියා පොලිස් භාරයේ රඳවා ඇති අතර චිවරධාරියා පවසා ඇත්තේ ගම්වාසින් පිරිසක් මෙම ඇට සැකිල්ල තම පියාගේ බව පවසා එය සොහොනෙන් ගැනිමට ලිපියක් ලබා දී ඇති බවයි .
කෙසේ නමුත් කරුවලගස්වැව පොලීසිය හා පොලිස් සොකෝ කණ්ඩායම් පරික්ෂණ සිදුකරන බවද පැවසිය.