හෙට දිනයේ සිට සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ වුවත් ඇතැම් ස්ථාන තවදුරටත් වසා තැබීමට රජය නියම කර තිබේ.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා සඳහන් කළේ එම ස්ථාන විවෘත කළහොත් නිරෝධායන නීති අනුව කටයුතු කරන බවයි.
විවෘත කිරිමට අවසර නොමැති ස්ථාන
සති පොළ
දින පොළ
සමූහ වශයෙන් ඒක රාශී වී වෙළඳාම් කරන ස්ථාන
කායවර්ධනාගාර/ෆිට්නස් සෙනටර්ස්/ජිම්
සම්භාහන ආයතන
සමාජ ශාලා