තවත් කොටියෙකුට දිවි අහිමිවෙයි
දිඹුල-පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල කොටියෙකුගේ මළ සිරුරක් අද (17දා) පෙ.ව. 08.00 ට පමණ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන ඇත.
මෙම කොටි මළ සිරුර අසළ තිබී හිස හා කකුළක් පමණක් ඉතිරිව ඇති සුනඛයෙකුගේ මළ සිරුරක්ද හමු වී ඇත. මෙම දිවියා මියගොස් දින දෙකක් පමණ වන බවට වතු කම්කරුවන් සැක කරනු ලබයි.
මෙම කොටියා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට සැක කරන බව වතු කම්කරුවෝ පවසති. කොටි මළ සිරුර දිඹුල-පතන පොලීසිය මගින් නුවරඑළිය වන ජීවී කාර්යාලයට භාර දීමට නියමිතය.
ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක



popular news
-
Champa Friday, 19 April 2019 07:16 AM
අඩි 4ක් දිග කියන්නේ ලොකු කොටියෙක්නෙ. දුර්ලභ සතෙක්. කාලකන්නි මිනිස්සු ගහල මරන්න ඇති අහිංසක සතාව. පව්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

