චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම චීනයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .
මෙය ශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන මෙරටට රැගෙන ආ දෙවන එන්නත් තොගයයි .
මෙම එන්නත් තොගය චීනයේ බෙයිජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 5.02 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ආනයන අංශයේ ගබඩා කර තැබීමෙන් අනතුරුව , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබේ .