තවත් වසංගත ඇතිවන බැවින් ඒ සඳහා දැන්ම සූදානම් වීම වැදගත් බව මීළඟ පරම්පරාවේ සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා පණිවුඩයක් ලබාදෙමින් එක්සත් ජනපදයේ ජාතික ආසාදිත්මක හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.
ඇමෙරිකානු වෛද්‍ය තොරතුරු සංගමය විසින් පවත්වන ලද වැඩසටහනකදී, මහජන සෞඛ්‍ය තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව තරුණ වෘත්තිකයන්ට ඉගැන්විය යුත්තේ කුමක්දැයි ෆවුසිගෙන් විමසන විට ඔහු මෙසේ පවසා සිටියේය.
"පළමුවෙන්ම අප තේරුම්ගත යුතු දේ තමයි, තවත් වසංගත ඇතිවෙනවා. එය යමෙකුගේ මනංකල්පිතයක් නොවෙයි. වසංගතය සැබෑවක්." ලෝක ඉතිහාසය පුරා මුහුණදුන් වසංගත සඳහා උදාහරණ කිහිපයක් ගෙනහැර දක්වමින් වෛද්‍ය ෆවුසි කියා සිටියේය.
"දැන්ම සූදානම්ව සිටීම ඒ අවස්ථාවේ ගන්නා ප්‍රතිචාරයට වඩා බොහෝ වැදගත් වෙනවා." වෛද්‍ය ෆවුසි පැවසීය. "මොකද ඔබ සූදානම් වුවත්, නැතත් අවසානයේදී ඔබට ප්‍රතිචාර දැක්වීමට සිදුවෙනවා. නමුත් ඔබ හොඳින් සූදානම් වුවහොත් ඔබේ ප්‍රතිචාරය වඩාත් යහපත් හා ඵලදායී වෙනවා."
"ඔබ සූදානම් නොවන්නේ නම් සහ වසංගතයක් පසුපස හඹා යෑම පමණක් සිදුකරන්නේ නම්, එය සාමාන්‍යයෙන් සාර්ථකත්වයට හොඳ සූත්‍රයක් නොවන බව අවධාරණය කළ යුතුයි" ඔහු වැඩිදුරටත් පැවසීය.