ඕස්ට්‍රේලියාව , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , කෙන්යාව සහ කටාර් යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 376 දෙනෙකු අද (23) දින අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 239 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 606 දරන ගුවන් යානය අද දින අලුයම 3.38 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් අතර වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ රැකියා සහ උසස් අධ්‍යාපන කටයුතු සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-648 දරන ගුවන් යානය අද දින අලුයම 1.15 ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කෙන්යාවේ නයිරෝබි නුවර සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-1710 දරන විශේෂ ගුවන් යානය එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 83 දෙනෙකු රැගෙන අද දින අලුයම 1.18 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-668 දරන ගුවන් යානය අද දින අලුයම 1.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මීට අමතරව දිගුකාලීන රෝග වලින් පෙළෙමින් සිටින ෂීෂෙල්ස් වැසියන් 45 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සහ පහසුකම් ලබා ගැනීම සදහා එයා ෂීෂෙල්ස් ගුවන් සේවයට අයත් හයිනාන් ගුවන් සේවයේ එච්.එන්.- 1262 දරන විශේෂ ගුවන් යානයෙන් ඊයේ දින රාත්‍රී 10.57 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ෂීෂෙල්ස් වැසියන් දිගු කාලයක සිට ශ්‍රී ලංකාවෙන් වෛද්‍ය පහසුකම් ලබා ගන්නා පිරිසක් බවට තොරතුරු වාර්තා වේ.