මාලදිවයින , එංගලන්තය සහ තුර්කියේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 462 දෙනෙකු ගුවන් යානා 03 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මාලදිවයිනේ මාලේ නුවර සිට අද (28) දින දහවල් 12.30 ට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරන විශේෂ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්රී ලාංකිකයන් 196 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එසේම අද දින දහවල් 1.00 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්රී ලාංකිකයන් 142 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
තුර්කියේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 124 දෙනෙකු රැගෙන ස්තාම්බුල් නුවර සිට අද දින දහවල් 1.25 ට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් සියලු දෙනා එම ගුවන් තොටුපළ වලදී පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .