මෙරට කොවිඩ් එන්න්තකරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 31,440 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.
ඒ, අනුව මේ දක්වා කාලය තුළ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව දහතුන් ලක්ෂ 26,784 ක්.
ඊයේ දිනය තුළ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ද පුද්ගලයින් 66,463 දෙනෙකුට ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.
ඊයේ දිනයේදී ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව මෙරට තවත් පුද්ගලයින් 1,576 දෙනෙකුට ලබා දී තිබෙනවා.
ඒ අනුව ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3,690 ක්. මේ අතර ඊයේ දිනය තුළ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 263 දෙනෙකෙුට ලබා දි ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය වැඩි දුරටත් සදහන් කළේය.