හලාවත මෝය හරහා ගොඩබිමට රැගෙන එමට උත්සාහ රුපියල් ලක්ෂ 40කට ආසන්න කහ කිලෝ දහසකට ආසන්න ප්රමාණයක් ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත පිරික්සුම් ඒකකයේ නිලධාරින් අද 18 දින අලුයම සමත් වි තිබේ .
ශ්රී ලංකා වෙරළ ආරක්ෂක ඒකකයේ නිලධාරින්ට ලැබුන බුද්ධි තොරතුරක් මත වැටලිම සිදු කර ඇති අතර වැටලිම සිදුවෙමින් තිබියදී මෙම කහ තොගය ගොඩවිමට රැගෙන එමට කටයුතු කල ධිවරයින් පලා ගොස් ඇති බව කියයි.
ධිවර යාත්රාවේ ඇති තොරතුරු මත එය හලාවත ප්රදේශයට අයත් යාත්රාවක් බවට හදුනා ගෙන ඇති අතර අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හලාවත පොලිසිය සමග එක්ව පරික්ෂණ අරඹා තිබේ .