යාපනය කලඩ්ඩි ප්රදේශයේ පිහිටි පාසල් ගුරුවරයෙකුගේ නිවසකට ඊයේ රාත්රියේ පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.
ජෙයරාසපුල්ලෙයි සෙන්දිල් වේල් නැමති අදාළ ගුරුවරයා කයිට්ස් ප්රදේශයේ පාසල් ගුරුවරයෙකු වන අතර ඔහුගේ නිවස පිහිටා ඇත්තේ කලඩ්ඩි ප්රදේශයේ පිහිටි දැනට පොලීසියට භාරවී සිටින ආවා කල්ලි නායකයා වූ අශෝකන්ගේ නිවස ආසන්නයේය.
කෙසේ වෙතත් ඊයේ රාත්රියේ යතුරුපැදි 04 කින් මුහුණ වසාගත් 06 දෙනෙකු පැමිණ අදාළ පාසල් ගුරුවරයාගේ නිවසට පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කොට පළා ගොස් ඇත.
අදාළ ප්රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර නිවසේ දේපළවලට පමණක් හානි සිදුව ඇති බවටත් අදාළ පෙට්රල් බෝම්බ ප්රහාරය ආවා කල්ලියේ ප්රහාරයක් බවට සැකකරන්නේ යැයි පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.