තලේබාන් සංවිධානයෙන් ලංකාව කළ ඉල්ලීම
ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි ප්රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇෆ්ගනිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි රජයේ මූලික අවධානය යොමු වී ඇති බවද විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය යන රටවල රජයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදාළ රටවල තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවල දී ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා සහය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
ඇෆ්ගනිස්ථානයේ සිටින මුළු ශ්‍රී ලාංකිකයින් අසූ හය (86) දෙනා අතුරින්, හතලිස් හය (46) දෙනෙකු මේ වන විටත් ඉවත් කර ගෙන ඇත. අද වන විට, ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ආපසු පැමිණීමට අපේක්ෂා කරන අතර, ඔවුන් ඉවත් කර ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කරමින් සිටී. මේ අතර, ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ඇෆ්ගනිස්ථානයේම රැඳී සිටීම සඳහා කැමැත්ත පළ කොට ඇත.
තලේබාන් සංවිධානය විසින් පොදු සමාවක් ලබා දී ඇති බවත්, කිසිදු විදේශිකයෙකුට හානියක් නොකරන බවට ප්‍රතිඥා දී ඇති බවත්, එම කැපවීමට අඛණ්ඩව ගෞරව කරන ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා රජය සඳහන් කරයි. ඉස්ලාමීය සම්ප්රදාය අනුගමනය කරමින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රැකියා කළ හැකි අතර, ගැහැණු ළමයින්ට පාසල් යා හැකි බවට තලේබාන් සංවිධානය විසින් ලබා දුන් ප්‍රතිඥා පිළිබඳව ද ශ්‍රී ලංකා රජය සතුටු වන බවද එම නිවේදනයේ දැක්වෙයි.
රට ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවට තලේබාන් සංවිධානය කළ ප්‍රකාශය පිළිබඳව ද ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරයි.
දැන් තලේබාන් සංවිධානය බලයේ සිටින බැවින්, නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්ථානයේ සියලු ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ ගෞරවය ආරක්ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරයි.
සමස්ත දකුණු ආසියානු කලාපයම අස්ථාවර කිරීමේ බලපෑමක් ඇති කළ හැකි මහා ජන සංක්‍රමණ, අන්තවාදී ආගමික කොටස් විසින් එහි ආරක්ෂිත ස්ථානයක් සාදා ගැනීමට උත්සාහ දැරීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිදියුණු වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් පසුවෙන බවද එහි දැක්වෙයි.
popular news
-
Kumar Saturday, 21 August 2021 10:47 PM
Mama sithuwe nayak ilanawa kiyalyi. Afganisthansyta amerkawendunna biliyana gananak nathhiwa yana wita Chinayen illannayi wenne.
Reply : 0 0
janahitha Tuesday, 24 August 2021 01:12 PM
kiyak hari illaganna puluvan vevi medapara
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

