තලවකැලේ, ලිඳුල ලෝගි වතුයායේ වතු නිවාස පේළීයක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිකරුවන් අද (14) ඉන් ඉවත් කොට ආරක්ෂක ස්ථානයන්ගේ නවතාලීමට පියවර ගත් බව ලිඳුල පොලීසිය පවසයි.
වතු නිවාස 19 ක පදිංචිව සිටි පුද්ගලයන් 89 නෙකු දැනට මෙසේ ඉවත් කොට ඇති අතර, ඔවුන් ළමා සුරැකුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ හා ලෝගි දෙමළ විදුහලේ තාවකාලිකව රඳවා සිටී.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වතු නිවාසවලට ඉහළින් ඇති පස් කන්දක කොටසක් මෙසේ නායයෑමට හසුව නිවාසවලට වැටී ඇති අතර ඉන් වතු නිවාස කීපයක් හානියට ලක්ව තිබේ.
අවතැන් වු පිරිස්වලට අවශ්‍ය සියලුම පහසුකම් සපයාදීමට කොටගල ප්‍රාදේශීය සභාව, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ලිඳුල පොලීසිය එක්ව කටයුතු යොදා තිබිණි.
කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමණී ප්‍රසාත් මහතා එම ස්ථානයට පැමිණ අවතැන්වුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය පියවර ගන්නා බව පැවැසීය.