තලවකැලේ අවට වතු ආශ්‍රීත ප්‍රදේශවලින් කොවිඩ් වෛරසය ආසාදිත නව කොවිඩ් රෝගීන් හතර දෙනෙකු ඊයේ (30) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
දිඹුල- පතන පොලිස් බල ප්‍රදේශයට අයත් ක්වින්ස්බේරී වත්තෙන් එක් පුද්ගලයෙකු, ලිඳුල පොලිස් බල ප්‍රදේශයට අයත් ෆෙයාපීල්, කූමුඩ් හා ෆර්හෑම් වතුවලින් පුද්ගලයන් තිදෙනෙකු මෙලෙස කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු කියති.
මෙම සියළුම පුද්ගලයන් කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවන්ගේ නිරතව සිට වතුකරයට පැමිණි පුද්ගලයන් බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමටත් ඔවුන්ගේ සමීපතමයන් නිවෙස් තුල ස්වයං නිරෝධායනයට ලක් කිරීමටත් සෞඛ්‍ය අංශ නිලධාරීහු පියවර ගෙන තිබිණි.
ශාන් හුලංනුගේ