ඇෆ්ගනිස්තානය තුළ කොවිඩ්-19 වෛරසය පාලනය කිරීමට දරණ උත්සාහයේ කොටසක් ලෙස තලේබාන් සිරකරුවන් 98 දෙනෙකුට කාබුල්හි පුල්-ඊ-චාර්කි බන්ධනාගාරයෙන් නිදහස හිමි වූ බව එරට ජාතික ආරක්ෂක අධ්යක්ෂ කාර්යාලයේ ප්රකාශනයක දැක්වේ.
ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්ඡා ආරම්භ වන විට තලේබාන් සිරකරුවන් නිදහස් කිරීම සඳහා මාර්තු 11 වැනි දින ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි අත්සන් කළ නියෝගයකට අනුකූලව මෙම නිදහස් කිරීම සිදුකෙරන බවද එහි දැක්වෙයි.
එහිදී සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය, වයස සහ ඉතිරි දඬුවම් අනුව සිරකරුවන් නිදහස් කිරීම සිදුවූ බවද පෙන්වා දෙයි.
මාර්තු 10 සිට මේ දක්වා තලේබාන් සිරකරුවන් 650ක් නිදහස් කර ඇති අතර, රජය විසින් තවත් 850ක් නිදහස් කරනු ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඇෆ්ගනිස්තානයෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,700ක් ඉක්මවා වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව 85කි.