තිලීපන් යනු මිනීමරුවෙක් බවත් ඔහු තමාගේ බාල සෙහොයුරා පැහැරගෙන ගිය බවත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවැසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පුවත්පත් හා මාධ්‍ය ආයතන ප්‍රධානින් අතර පැවැති හමුවකදී තිලීපන් සැමරුමක් ඉල්ලා උතුරේ හර්තාල් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට යොමකළ ප්‍රශ්ණයකට පිිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“ මගේ නෑදෑයෝ පැහැරගෙන ගියා. එයා මිනී මරුවෙක්. ඒක දේශපාලනයක්. අසරණ දමිළ ජනතාවගේ නායකයන් එයා තමයි මැරුවේ. අමෘතලිංගම් මැරවේ කවුද? කොටි තමයි මැරුවේ. ඒක නිකම් බොරුවට දේශපාලනට කරනවා”