තෙල් සැපයුම් නළයක පිපිරීමක් හේතුවෙන් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා 'අද'ට පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ සාමාන්‍යාධිකාරීවරයා,
"අපි දෙගොල්ලොම රාජ්‍ය ආයතන. නමුත් රජයේ ආයතනයක් වුණත් පුද්ගලික ආයතනයක් වුණත්, පුද්ගලයෙක් වුණත් වැරදි දෙයක් කරද්දී ඊට විරුද්ධව අනිවාර්යයෙන්ම රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ ප්‍රතිපත්තිය මත පිහිටලා අපි අනිවාර්යයෙන්ම මීට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
අපි හැකිතාක් දුරට අපි සහ ඔවුන් අතර තිබෙන සුහදත්වය ආරක්ෂා කරගනිමින්ම තමයි මේ නීතිමය ක්‍රියාමාර්ග වෙත යන්නේ. සියලුම ආයතනවල වැරදි සකස් කරගනිමින් හරි මගට යොමුවීමේ බලපොරොත්තුව ඇතිවයි මේ අධිකරණ ක්‍රියාමාර්ග වෙත අපි යන්නේ.
මේ තෙල් පිරිසිදු කරන්න අපිට සතියක පමණ කාලයක් ගතවෙනවා. නමුත් අපි ඉල්ලා සිටිනවා නැවත දැනුම් දෙනතෙක් මෙම ප්‍රදේශයට ඇතැළු වීම හෝ මානව කටයුතු සඳහා භාවිතා නොකරන ලෙසට. සතියකින් පිරිසිදුකිරීම් කළත් මෙහි ඇති පාරිසරික බලපෑම හා හානිය යථා තත්ත්වයට පත්වෙන්න වසර පහක පමණ කාලයක් ගතවේවි" යැයි පැවසීය.
නඳුන් ශ්‍යාමාල්