තරුණියකගේ සිරුර පුරා තෙල් වර්ගයක් ගල්වා ඇයව දූෂණයට ලක්කල තරුණ යකැදුරෙකු වසර නමයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සමග අගතියට පත් තරුණියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඊයේ (31) නියෝග කළේය.
තරුණ ඇගළුම් කම්හල් සේවිකාවකගේ ශරීරයට ආරූඪ වී සිටින යක්ෂයෙකු එළවිම සදහා තොවිලයක් සිදුකළ යුතු බව පවසමින් මෙසේ ඇයව දූෂණය කර තිබේ.
මෙසේ සිර දඩුවම් නියමවූයේ අංක 03, තබ්බෝව, පුත්තලම ලිපිනයේ පදිංචි දැනට (32) හැවිරදි වියේ පසුවන රන්හාමිගේ සුරේෂ් ෂෙල්ටන් නැමත්තාටයි. අගතියට පත්වූ කාන්තාවට ගෙවීමට නියම කළ වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 12 ක සිර දඬුවමක් විනිසුරුවරයා නියම කළ අතර විත්තිකරුට රුපියල් පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසත් නියෝග කළේය.
අනුරාධපුර අධිකරණ බල ප්රදේශයට අයත් රාජංගනය පොලිස් වසමේ කළාඔය ප්රදේශයේ දී වර්ෂ 2012 ජුනි මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක දී 27 හැවරදි තරුණ ඇගළුම් කමහල් සේවිකාවකට බරපතළ ලිංගික අතවරයක් සිදුකර දූෂණයට ලක්කර විත්තිකරු විසින් ලංකා දණ්ඩ නීති සංග්රහයේ 364 අ (1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණි.
අනුරාධපුර චතුරංග
