තරුණ පරපුර ගොවිතැන් කටයුතුවලින් ඉවත් වෙමින් තිබෙන බවත් මේ නිසා අපනයනය කළ හැකි වී හා වෙනත් අපනයන භෝග හඳුන්වාදීමේ වැඩසටහනක් රට තුළ ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මේ වනවිට වයස අවුරුදු 20 - 30 අතර තරුණ පිරිසෙන් වී වගා කටයුතුවලට සම්බන්ධ වී සිටින්නේ 5.1% ක ප්‍රමාණයක් බවත් මේ සඳහා යොමු වී ඇති අතිබහුතරය වයස අවුරුදු 60 ඉක්මවූ පිරිස් බවද අද (19දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඉදිරියේදී දේශීය වී අතිරික්තයක් ඇතිවිය හැකි බවත් මේ නිසා අපනයනය කළ හැකි වී වර්ග රටට හඳුන්වා දෙන බවද කියා සිටියේය.
මීට අමතරව අපනයනය කළ හැකි ආකාරයේ අන්නාසි, අඹ, දොඩම් වගා ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
