පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ත්රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සටනට එක්සත් ජනපදයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පවසයි.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඊයේ (16දා) එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.
ඇමෙරිකානු ජාතිකයන් පස් දෙනෙකුද මෙම ප්‍රහාරයෙන් මියගිය බව පවසා ඇති එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙම ප්‍රහාරය නැවත වරක් හෙළා දැක තිබේ.
එමෙන්ම, මෙම ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපදය දැක්වූ සහාය පිළිබඳව තිලක් මාරපන මහතා, රාජ්‍ය ලේකම්වරයා වෙත ස්තූතිය පළ කර ඇති අතර, අනාගතයේදී එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්තද ප්‍රකාශ කළ බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සහ ආර්ථික ස්වාධීනත්වය ඇතිකර ගැනීම සඳහා ප්රදානය කළ එ.ජ.ඩො. මිලියන 480ක මුදල අනුමත වීම මෙම දෙපළ විසින්ම අගය කළ බවද පැවසේ.
එමෙන්ම, වගවීම, යුක්තිය සහ ප්‍රතිසංධානය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති අලුත් කැපවීමද රාජ්‍ය ලේකම් පොම්පෙඕගේ පැසසුමට ලක්වූ බව එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.