ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5728 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වි තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒසේම ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුළ පුද්ගලයින් 4931 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.
නාවික හමුදාව අද (8) වන විට කෝවිඩ් වෛරසය ආසාදනය වි සිටින රණවිරුවන් ගණන 390ක් වන අතර බහුතරයක් කඳවුර තුළින් ආසාදිත වු පිරිස් වේ. ඒ අතරින් වැලිසර නාවික කඳවුරෙන් 308 දෙනෙකු වන අතර කදවුරෙන් පිටත 32 දෙනෙකු වෙයි.