ස්ථාන දෙකෙකදී ත්රිරෝද රථ දෙකක් ප්රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
පිරිමි පුද්ගලයන් තිදෙනෙකු හා කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙයින් එක් අනතුරක් නුවරඑළිය - උඩපුස්සල්ලාව මාර්ගයේ අයිස් පිහිල්ල ප්ර දේශයේදී සිදුව තිබේ.
මෙහිදී ත්රිරෝද රථයක් අඩි 25ක පමණ ප්රපාතයට පෙරලී සිදුවූ අනතුරකින් එම ත්රිරෝද රථයේ රියදුරු හා ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන්ගේ වයස අවුරුදු 19 හා 15 පිරිමි ළමුන් දෙදෙනෙකු හා අවුරුදු 6ක දියණිය තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.
අනෙක් අනතුර ඇල්ල, ගඹරගල ප්ර දේශයේදී සිදුව තිබේ. මෙහිදී ත්රිරෝද රථය මීටර් 350ක පමණ ප්රපාතයකට පෙරලී ඇති අතර එම අනතුරින් ත්රිරෝද රථයේ රියදුරු හා ඔහුගේ පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ.
රියදුරුගේ අවුරුදු 12ක් හා අවුරුදු 8ක වන පිරිමි ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල රෝහලේ ප්රතිකාර ලබයි.
මෙම අනතුරු දෙකම ඊයේ (17දා) සිදුව තිබේ.