කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට නම් තරුණ ප්‍රජාව උපදෙස්වලට, අවවාදවලට අවනත වීම අවශ්‍ය බවත්, එය සාර්ථක වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව අවවාද නොතකා තැන්තැන්වල ඒකරාශීවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් මෙසේ පවසා තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධීපතිවරයා,
"පසුගිය කාලය පුරාවට අප පැවසූ දෙයට ඔවුන් සවන් දෙනු ඇතැයි කියා මා බලාපොරාත්තු වෙනවා. ඔවුන් තැනින් තැන කල්ලි ගැසෙනවා දකින්න අපට අවශ්‍ය නෑ. ඔවුන් වෙරළ තීරයන් ඇතුළුව සහ අවන්හල්වල තවදුරටත් රැඳී සිටින ආකාරය අපට පෙනෙනවා. ඔවුන්ට එය වැටහෙන්නේ නැහැ. ඔවුන්ට මේ තත්ත්වය පරාජය කරන්න නොහැකි බවක් පෙන්වන්නේ. නමුත් තරුණ වියේදී ඔබට පරාජය කළ නොහැකි දෙයක් නැහැ. මෙතනදි ඔබ සිතා බැලිය යුත්තේ ඔබ මේ වෛරසය ගෙදර රැගෙන යාමෙන් ඔබේ දෙමවුපියන්, ඔබේ ආච්චි සීයා වෙත නපුරක් රැගෙන යා හැකි බවයි. තරුණයන්ට මෙය වැටහෙන්නේ නැහැ. එබැවින් ඔවුන් උපදෙස්වලට අවනත වීම අපට අවශ්‍යයි. එය සාර්ථක වනු ඇතැයි කියා මා විශ්වාස කරනවා." යැයි පවසා සිටියේය.
එම උපදෙස් පිළිපදින්නේ නැති අය ගැන නැවත විමසූ විට ඇමෙරිකානු නායකයා යළිත් කියා සිටියේ, "අවවාදයට අවනත වන්න, උපදෙස්වලට අවනත වන්න, මම දැන් යළිත් ඔබට කියා සිටිනවා." යනුවෙනි.