තරුණියකට පහර දුන් බවට සැක පිට බකමුණ පොලිස්ථානයට අනියුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිනෙකු (11දා) අත්අඩංගුවට ගෙන ඇති බව හිගුරක්ගොඩ පොලීසිය කියයි.
මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ පොලිස් වසමට අයත් විහාරස්ථානයක කඨින පෙරහැර මධ්‍යම රාත්‍රියේ වීදි සංචාරය කරමින් තිබූ අවස්ථාවේ එම විහාරස්ථානයේ හිමි නමකට වයස අවුරුදු 21ක පමණ තරුණියක් බැන වැදි තිබේ.
එම අවස්ථාවේ ඒ අසන්නයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම තරුණියට පහර කිහිපයක් ගසා ඉවත් කර තිබේ. පහර කෑම හෙතුවෙන් එම තරුණිය හිගුරක්ගොඩ දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.
ඒ පිළිබද පරික්ෂණ පැවැත් වු පොලීසිය තරුණියට පහර දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර බකමූණ පොලීසියට අනියුක්තව සේවය කරන නිවාඩු ලබා සිටින පොලිස් කොස්තාපල්වරයෙකු ද තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද (11දා) දින හිගුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරිට නියමිත බව හිගුරක්ගොඩ පොලීසිය පවසයි.