ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතිපතා කොවිඩ්-19 යාවත්කාලීන කිරීම් අනුව, නොවැම්බර් 1දා වනවිට ගෝලීය වශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් මිලියන 46ක් සහ මරණ මිලියන 1.2ක් වාර්තා වී තිබේ.
එහිදී වයස සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ විශ්ලේෂණයකින් පෙන්නුම් කරන්නේ වසංගත කාලය තුළ තරුණ තරුණියන් වැඩි වශයෙන් නව කොරෝනා ආසාදන සඳහා වගකිව යුතු බවය.
ඒ අනුව වයස අවුරුදු 15 ත් 24 ත් අතර පිරිස අතර වසංගතයේ ආරම්භක අවධියේදී 4%ක් වූ ආසාදන මේ වනවිට 14%ක් දක්වා වැඩිවී තිබේ. එමෙන්ම අවුරුදු 25 ත් 64 ත් අතර 50% සිට 65% දක්වා වැඩිවී තිබේ. එහිදී අවුරුදු 65 සහ ඊට වැඩි අය අතර, ආසාදිතයන්ගේ අනුපාතය 40% සිට 15% දක්වා අඩුවී තිබීමද කැපී පෙනෙන වෙනසකි.