තුර්කියේ කොරෝනා වෛරසය ආශ්රිත අගුළු දැමීමේ පියවරයක් එකිනෙක ඉවත් කිරීම ආරම්භ කරන බව එරට ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් පවසයි.
ඒ අනුව ලබන සඳුදා සිට බාබර් සාප්පු, කොණ්ඩා සැකසුම් සැලෝන් සහ සාප්පු සංකීර්ණ නව රෙගුලාසිවලට යටත්ව විවෘත කරන බව දැනුම් දෙයි
මීට අමතරව එරට පළාත් 31 න් 7 ක් සඳහා සංචාරක තහනම ඉවත් කරනු ලැබේ. පළාත් හත නම් ඇන්ටාලියා, අයඩින්, අර්සුරම්, හැටේ, මලතිය, මර්සින් සහ මුග්ලා ය. කෙසේ වෙතත් ඉස්තාන්බුල්, අන්කාරා, ඉස්මීර් සහ ගැසියන්ටෙප් ඇතුළු ඉතිරි පළාත් සඳහා සංචාරක සීමාවන් දීර්ඝ කර ඇත.
තුර්කිය තුළ වයස් සීමාව අනුව ඇඳිරි නීතිය පනවා ඇති අතර සමහර වයස් කාණ්ඩවලට තම නිවාසින් බැහැරට යාම තහනම් කර තිබේ.
සීමාවන් ලිහිල් කිරීමේ කොටසක් ලෙස අවුරුදු 20 ට අඩු හෝ 65 ට වැඩි අයට නම් කරන ලද දිනවල පැය 4 ක කාලයක් ඇවිදීමේ දුරක් ඇතුළත ගමන් කිරීමේ අවසර දෙනු ලැබේ.
කෙසේ වෙතත් තුර්කිය විසින් පනවා ඇති සති අන්ත ඇඳිරි නීතිය ලබන සතිය දක්වාම ක්‍රියාත්මක වේ.
තුර්කියේ මේ වනවිට ආසාදිතයන් 127,659ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව 3,461කි. සුවය ලැබූවන් 68,166කි.