ලොව කොවිඩ්-19 ආසාදිතයන් 100,000 සීමාව ඉක්මවා ගිය හත් වැනි රට බවට පත්වෙමින් තුර්කියේ ආසාදිතයන් 101,790ක් ලෙස අද (24දා) උදෑසන වාර්තා විය.
කෙසේ වෙතත් එරට තුළ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව අඩුවෙමින් යම් යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන අතර. එය වාර්තා වූයේ 2,491ක් ලෙසිනි. දැනට සුවය ලබා ඇති පිරිස 18,491කි.
ලොව වැඩිම ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව වාර්තා වන ඇමෙරිකා එක්සත් ජනපදයට පසුව දෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන ස්පාඤ්ඤයේ ආසාදිතයන් 213,024ක් වාර්තා වෙයි. එරට ආසාදිත මරණ 22,157කි. සුවය ලැබූවන් 89,250කි.
තෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන ඉතාලියේ අගය 189,973කි. එරට මරණ 25,549ක් වාර්තා වන අතර, සුවය ලැබූවන් 57,576කි.
සිව්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන ප්‍රංශයේ ආසාදිත අගය 159,460කි. එරටින් කොරෝනා මරණ 21,889ක් වාර්තා වන අතර, සුවය ලැබූවන් 42,762කි.
පස්වනුව වැඩිම ආසාදිතයන් ලෙස ආසාදිතයන් 153,129ක් ජර්මනියෙන් වාර්තා වෙයි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 5,575කි. සුවය ලැබූවන් 103,300කි.
හයවනුව වැඩිම ආසාදිතයන් මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි. එම අගය 139,246කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 18,791ක් වන අතර, සුවය ලැබූවන් 712කි.