දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහ දූපතේ සිටින " තෝර්" කේසර සිංහයාට ඇතිවූ අසනීප තත්වයක් මත සිදුකළ ඇන්ටජන් හා පී.සී.ආර් පරීක්ෂණ කීපයකට අනුව කෝවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට සනාතවී ඇතැයි ද , මීට සති කීපයකට පෙර උදරාබාධ තත්ත්වයෙන් මිය ගිය සීබ්රා පැටවා සහ පිග්මි හිපෝද මිය ගියේ කෝවිඩ් ආසාධනයෙන් නොවන බව තහවුරු කරමින් සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් ඉෂිනී වික්‍රමසිංහ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
2012 වසර දකුණු කොරියාවේ ෂෝල් සත්වෝද්‍යානයෙන් ගෙන එන ලද තෝර් සිංහයා මේ වනවිට 20 වන වසර සිටින අතර, පසුගිය දිනවල හදිසියේ ඇතිවූ කැස්ස හා උගුර ආබාධයක් නිසා ආහාර ගැනීමටද අපහසුවී ඇති බැවින් කෝවිඩ් යන සැකය මත අවස්ථා කීපයකදී සිදුකල ඇන්ටිජින් හා පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව වෛරසය ආසාදනයවී ඇති බවට සනාතවීම නිසා එම දූපතෙන් වෙනම ආරක්ෂක ස්ථානයකට යොමු කර ඇත.
මේ නිසා දැඩි ශෝකයටපත් සිංහ ධේනුව අලසගතියක් පෙන්වීමට පටන් ගැනීමත් නිසා පශූ වෛද්‍යවරු දඩි අවධානයකින්ද පසුවන අතර, මෙම දූපතේ සේවයේ නියුතුව සිටි සේවකයින් දෙදෙනකු සත්වෝද්‍යානය ඇතුළතත් තවත් සේවකයෙකු ඔහුගේ නිවසතුළත් නිරෝධායනයටද යොමු කරනු ලැබූ බවද සදහන්වේ.
මෙම පිරිසගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගත් මේ දිනවල සේවාමුර ක්‍රමයට සිටින සේවකයින් 30 දෙනෙකු 18 වනදින හදිසි ඇන්ටජන් පරීක්ෂාවට ලක් කරනු ලැබ ඉන් එක් අයෙකුට වෛරසය ආසාදනයවී ඇතිබවට සනාතවීම නිසා එදින පස්වරුවම සෞඛ්‍ය අංශ වෙත භාරදී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යැවීමටද කටයුතු කරනු ලැබ ඇතැයිද නිලධාරීයකූ පැවසීය.
වෛරසය සතූන් හා සේවක පිරිස් අතර පැතිර යාම වලක්වා ගැනීමට හා සැකකටයුතු අභ්‍යන්තර ඉදිකිරීම් අංශයේ කටයුතු තාවකාලිකව නතර කිරීමටත් වනජීවි අමාත්‍යාංශය මගින් පිවරයන් ගෙන ඇතැයිද අමාත්‍ය විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.
දෙහිවල එච් එම් ධර්මපාල