තමාගේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම නොපිළිගතහැකි ත්තත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
ස්විට්සර්ලන්තයේ, ජිනීවා හිදී පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
එසේම තමාගේ ස්වාධීනත්වය ප්‍රශ්න කරන අදහස් මගින් නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය වෙනතකට යොමුකළ නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.
විශේෂයෙන්ම අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් චීනයට පක්ෂපාතී බවට චෝදනා කරන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ, නිරන්තරයෙන් ඔහුව සිය විවේචනයට ලක්කරමින් සිටිති.
"මා කෙරෙහි අදහස් දැක්වීම අසත්‍ය හා නොපිළිගත හැකි තත්ත්වයක් වන අතර, ඒ සඳහා කිසිදු පදනමක් නැහැ" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ ස්වාධීනත්වය ප්‍රශ්න කරමින් පොම්පිඕ විසින් බ්‍රිතාන්‍යයේදී මතු කළ අදහස් ගැන විමසූ විට ටෙඩ්රොස් ජිනීවා හිදී කියා සිටියේය.
කෙසේ වෙතත් වසංගතයකට එරෙහිව සටන් කිරීමේදී දේශපාලනීකරණය විශාල අවදානමක් බව ඔහු සඳහන් කළේය.