තම පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන තලතා කියයි
අපේ පක්ෂයේ ස්වාමීන් වහන්සේලාට කිසිම විටක නාමයෝජනා දෙන්නේ නෑ යනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසිය.
අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව දියත් කර ඇති සිසු දහම් සෙවන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 40 ක් වැය කරමින් ඉදි කිරීමට නියමිත බලංගොඩ සමනලගම ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ දහම් පාසලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.
තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය ,
"පසුගිය දවසක මුළු රටේම චෛත්‍ය 25 ක් ඉදි කරන කටයුතු ආරම්භ කළා. අපි විරුද්ධ පක්ෂයේ හිටපු කාලයේ කරපු ඒවා සමහර අය දන්නේ නැහැ.රජයක් හැටියට කරන දේවල් සමහර අය දන්නේත් නැහැ. එක්සත් ජාතික පක්ෂයට හා රජයට නිරන්තරයෙන් චෝදනා කරනවා අපි බෞද්ධ ආගම ආරක්ෂා කරන්නේ නැහැ බෞද්ධයින් ආරක්ෂා කරන්නේ නැහැ කියලා. විහාරස්ථානයට මුල් තැන දෙන්නේ නැහැ කියලා.
අපේ පක්ෂයේ ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි.ස්වාමීන් වහන්සේලාට දේශපාලනය අකැපයි කියලා ක්‍රියාකාරී දේශපාලනයට කිසිම මැතිවරණයකට නාම යෝජනා ලබා දෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලාගේ ගරුත්වය මේ දරා ගෙන ඉන්න චීවරයට ලබා දෙන ගරුත්වය.
බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට තියෙන ගරුත්වය ආරක්ෂා කරන්න ඕන නිසා. ඒ ස්වාමීන් වහන්සේලාට කිසිම මැතිවරණයකට තරග කරන්න දෙන්නේ නැහැ.ඒක තමයි එකම කාරණය.හැබැයි ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය විදිහට දේශපාලන පක්ෂවලට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒකට තහංචියක් නැහැ.
අපි බෝඩ් එකට සීමා වෙච්ච බෞද්ධයෝ නොවෙයි. නම ගහ ගන්ඩ විතරක් සීමා වෙච්ච බෞද්ධයෝ නොවෙයි. බෞද්ධ ධර්මය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ජීවත් වෙච්ච පිරිසක් විදිහටයි.මම මේ ටික කිවුවේ .නොයෙකුත් මත ගෙනියනවා මැතිවරණයක් ආවහම සිංහල බෞද්ධකම ඉස්සරහට දා ගෙන ගම්වල ජීවත් වන අහිංසක ඔබ ඒකේ ඇත්ත තත්ත්වය දන්නේ නැහැ. අද මේ අලුතෙන් පටන් ගත්ත දෙයක් නෙවෙයි" යනුවෙන් පැවසුවාය.
කෂිනි හපුආරච්චි

popular news
-
Demuni de silva Monday, 18 March 2019 05:43 PM
I fully agree with the Minister's speech.What happened to Sir John in 1956? He told truth.SWRDB was otherwise.In 1959 he was shot දෙඅඩ්.Who did? .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

