සියඹලාණ්ඩුව-මුතුකණ්ඩිය තුන්වන ගම්මානයේ පදිංචි අවුරුදු පහළොවක් පමණ වයසැති දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ පියා සියඹලාණ්ඩුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගේ මව විදේශගතව සිටින අතර ඇයගේ සහෝදරයන් දෙදෙනා විවාහවී වෙනම ජීවත් වේ. දැරිය පියාගේ රැකවරණය යටතේ සිටියදී අවස්ථා කිහිපයකදී ඇයව දූෂණය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කැර ඇති අතර අත්අඩංගුවට ගත් පියා සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සියඹලාණ්ඩුව පොලීසියේ පොලිස් ස්ථානාධිපති ජී.එම් බණ්ඩාර මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක