දෛනිකව ඉපැයූ වැඩිම ආදායම ඊයේ (22) වාර්තා වූ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. රුපියල් කෝටි 28කට අධික මුදලක් සිය දෙපාර්තමේන්තුව ඊයේ දින උපයා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කර සිටියි. මීට අමතරව පසුගිය 21 වැනි දා ද තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22 කට වැඩි ආදායමක් ඉපයූ බව තැපැල්පතිවරයා සඳහන් කර සිටියේය.