ජනාධිපතිවරණයට අදාළව පැවැත්වෙන තැපැල් ඡන්දය භාවිත කිරීම අද (31දා) ආරම්භ විය.
මේ අනුව රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි තැපැල් ඡන්දය භාවිතා කිරීම අද (31දා) සහ හෙට (01දා) යන දෙදින තුළ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්දය පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කළද තැපැල් ඡන්දය සාමාන්‍ය ලෙස කාර්යාල වේලාවන් තුළදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.
මැතිවරණ කාර්යාලය හා පොලීසිය යන ආයතනවල තැපැල් ඡන්දය භාවිත කිරීම නොවැම්බර් 04 හා 05 යන දෙදින තුළ සිදු කරන අතර, මෙම දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන පිරිස්වලට ඔක්තෝබර් 07 වැනිදා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී ඇත.
මෙවර තැපැල් ඡන්දය සඳහා හයලක්ෂ පනස් නවදහස් තුන්සිය දාහත් දෙනෙකු සුදුසුකම් ලබා තිබෙන අතර, තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා අයදුම්පත් හත්ලක්ෂ දාහත්දහස් නවසිය දහඅටක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණද, අයදුම්පත් පනස්අටදහස් හයසිය එකක් ප්‍රතික්ෂේප වී තිබේ.
තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, මීට අමතරව පොලිස් ජංගම රථ මගින්ද අවට ප්‍ර‘දේශවලට ආරක්ෂාව ලබාදීමට සැලසුම් කර ඇත.
සමස්ත දින හතරක කාලය තුළ ආසන්න වශයෙන් තැපැල් ඡන්දය භාවිත කරන ස්ථාන එක්දහස් හත්සියයකට අධික ප්‍රමාණයක් පිහිටුවීමට නියමිතය.