ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ආරම්භ වූ අද දිනය තුළ තැපැල් ඡන්ද විමසීම සාමකාමීව පැවැති බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය සඳහන් කළේ අද දිනයේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පිරිදි නිරීක්ෂකයින් යොදවා අද දිනයේ තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය කළ බවයි.
කැෆේ සංවිධානය විසින් සිදුකළ ජංගම නිරීක්ෂණ වලදී ඡන්ද මධ්‍යස්ථාන ආශ්රිත ඇතැම් තැන්වල නීතිවිරෝධී ලෙස පෝස්ටර් අලවා ඇති බවත් නීතිවිරෝධී ප්‍රචාරණ සිදුවීම් වාර්තා වූ බවත් ඇය සඳහන් කළාය.
ඒ හැරුණුකොට කිසිදු ආකාරයක බරපතළ සිදුවීමක් වාර්තා නොවූ බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නාය.