ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් පැවැතියාට විපක්ෂයට වට කර පහරදීමට අවස්ථාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රගතිය පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මේ දවස්වල අපිට ඇහෙනවා නිතරම මාධ්‍යයේදී, පාර්ලිමේන්තුවේදි මැති ඇමතිවරු කියනවා අපිට තුනෙන් දෙකක වරමක් දුන්නා ඒක හන්දා අපිට ඕන දෙයක් කරන්න පුළුවන් වගේ තමයි කථා කරන්නේ.
තුනෙන් දෙකක බලයක් දුන්නේ රටට හිතකර දේවල් කරන්න. තුනෙන් දෙකක් තිබුණා කියලා හැමදේම කරන්න බෑ.
ඊයේ පාර්ලිමේන්තුවේ එක ඇමති කෙනෙක් කථා කරන ගමන් කිව්වා. අපිට දැන පුළුවන් ඔය පැත්තේ ඉන්න එක්කෙනෙක් වට කරන්න තුන් දෙනෙක් දාන්න පුළුවන් කියලා. එක්කෙනක් වට කරන්න තුන් දෙනෙක් දාන්න නම් හතරෙන් තුනක් තියෙන්න ඕන. මෙතන තියෙන්නේ තුනෙන් දෙකයි.
මම තනියම ගිහින් ඔය ඉස්සරහ පේළියේ ඔක්කොම ගන්න ලෑස්තියි. අපි දෙවැනි පේළිය ගන්න දානවා අපේ චමින්ද වගේ එක්කෙනෙක්. චමින්දගේ පාරවල් වල රහ විදපු අය ඔය පැත්තේ ඉන්නවා.
තුන්වැනි පේළියේ අර දයාසිරි ඇමතිතුමා වගේ කරාතේ දන්න අය ඉන්න නිසා අපි දානවා අපගේ ඩයනා මන්ත්‍රීතුමිය. එතුමියට කරාතේ කලු පටි තිබෙනවා.
තුනෙන් දෙකක් තියෙනවා කියලා අපිට වට කරලා ගහන්න සූදානම් වෙන්න එපා කියලා අපි කියනවා.”