තද වැසි හා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තද වැසි හා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
අද පෙරවරු 10.00ට නිකුත් කළ මෙම නිවේදනය ජුලි 30 දා පෙරවරු 10.00 තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නකුත් කර තිබේ.
දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් 2020 ජුලි මස 28 හා 29 යන දිනයන්හිදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
උතුර, උතුරුමැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්රික්කයෙක්ත ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිව හැකි බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
දකුණු පළාතෙත්,පොලොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 60-70 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
