තංගල්ල පොලීසියේ 58 දෙනෙකු නිරෝධායනයට
තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයකු කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් 58 දෙනකු නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ පැවැති සාදයකට සහභාගී වූ කිහිපදෙනකු පසුගිය දිනවලදී කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබිණි.
තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාද මෙම සාදයට සහභාගී වීම හේතුවෙන් ඔහු නිරෝධායනයට ලක් කර ඇති අතර පීසීආර් පරීක්ෂණ අනුව එම සාදයට සහභාගී වූ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු 6දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
තවද තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේ පොලිස් මුරපොළෙහි රාජකාරි සඳහා යොදවා සිටි තංගල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි කොස්තාපල්වරයකුද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
මේ හේතුවෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් 50 දෙනකුට අද දිනයේදී පීසීආර් පරික්ෂණ සිදුකරනු ලැබූහ.
තවද පොලිස් නිලධාරින් 58 දෙනකු නිරෝධායනය කිරීමටද තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු පියවර ගත්හ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

