ඩයගම සිට කොළඹ දක්වා තේ වෙන්දේසිය සඳහා තේ කොළ ප්රවාහනය කරමින් තිබු කන්ටෙයිනර් රථයක් ප්රපාතයකට පෙරළි අනතුරක් සිදු වි ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.
අද (20) අලුයම 5ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල ප්රදේශයේදිය.
අනතුරෙන් කන්ටෙයිනර් රථයේ රියදුරා සහ රිය සහයකයා සුළු තුවාල ලබා ඇත.
කන්ටෙයිනර් රථය අනතුරට පත් වන අවස්ථාවේ කන්ටෙයිනර් රථය තුළ තේ කොළ ටොන් 10 තිබු බවයි පොලීසිය පැවසුවේ.
ගිනිගත්හේන ප්රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණය සමග කන්ටෙයිනර් රථයේ තිරිංග ක්රියා විරහිත වි කන්ටෙයිනර් රථය රියදුරාගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 පමණ ප්රපාතයකට පෙරළි ඇති බවයි පොලීසිය පැවසුවේ.
කන්ටෙයිනර් රථය පෙරළිමෙන් වටවල ප්රදේශයේ සිට ගිනිගත්හේන ජල සම්පාදක මණ්ඩලය දක්වා ජලය රැගෙන යන ජල නලයකටද හානි සිදු වි ඇත.
අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය පරික්ෂණ පවත්වයි.