ණය පදනම මත තෙල් ගන්න ශ්‍රී ලංකාව චීනය දෙසට හැරෙයි
දිගුකාලීන ණය පදනම මත චීනයෙන් ඛණිජ තෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.
තෙල් මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මුහුණදි ඇති අරමුදල් සපයා ගැනීමේ ගැටලුව හේතුවෙන් මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.
බටහිර ආසියානු තෙල් අපනයනය කරන ැටවල් සමග දිගු කාලීන සහනදායි අනුපාත යටතේ තෙල් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉකුත් දින කිහිපයේදී මැදපෙරදිග සංචාරයකටද එක්විය.
මේ පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් දක්වා ඇති උදය ගම්මන්පිල මහතා ස දහන් කර ඇත්තේ චිනයෙන් ඉන්ධන ලබා ගැනිම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සමග සාකච්ඡා කළ බවයි.
චීනයේ පෙට්රෝ චයිනා සමාගම හරහා ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් තවදුරටත් බලශක්තිි අමාත්‍යවරයා චීන තානාපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතය.
එසේම තෙල් මිලදි ගැනිම වෙනුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ඉන්දියාවෙන් ලබාගැනීම සඳහා ශ්‍රි ලංකාව සාකච්ඡා කරමින් තිබෙයි.
popular news
-
Kumar Monday, 04 October 2021 01:29 AM
Cheenaya thel nishpadanya karana ratak nove. Naya ugula thawath hirakaranwa wage.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

