මෙරට නෂ්පාදිත ගිණි අවියක්, එයට භාවිත කරන ටී. 56 උණ්ඩු 07ක්, කඩුවක් හා කේරළ ගංජා ග්‍රෑම් 56ක් සමග 38 හැවැරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු දොන් ඩග්ලස් ප්‍රියනන්ද පෙරේරා නොහෝත් ඩීලා යන අය බව පොලීසිය පවසයි.
සැකකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
