ඩිලාන්ගෙන් මෛත්‍රීට ලිපියක්
හිටපු ජනාධිපතිනිය විවේචනය කිරීම නිසා තමන් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කළ නිසා දුමින්ද දිසානායකගේ හා මහින්ද අමරවීරගේ පක්ෂ තනතුරු ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
පක්ෂය තුළ විනය ඇති කිරීම සඳහා හිටපු ජනාධිපතිනිය විවේචනය කළ තමාගේ පක්ෂ තනතුර ඉවත් කිරීම ගැන සතුටු වන බවත්, ඒ පිළිබඳ ස්තුති කර හෙට (13දා) පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යවන බවත් අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
පක්ෂ තනතුර දරමින් මහින්ද අමරවීර මහතා සහ දුමින්ද දිසානායක මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනය කරන බවත්, මේ නිසා ඔවුන් දෙදෙනාගේ පක්ෂ තනතුරු ගලවා දැමිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

popular news
-
Champa Thursday, 12 July 2018 06:58 PM
කිසි පදනමක් නැති තර්කයක්. පිස්සන් කොටුවේ දොස්තර ලොක්ක හිතනවා ඇති පිස්සෝ 16 තාප්පෙන් පැනල ගිය එක කොච්චර හොඳද කියලා. ඒ වුනාට ගියපු පිස්සෝ දෙන්නෙක් ඔන්න ආපහු එනවලු. කොච්චර වුනත් පිස්සන් කොටුව වගේ ගතියක් නැහැ ඒකාබද්ධ විපක්ෂේ. ඒ ගොල්ලෝ හරි සීරියස්. විහිළු එහෙම දන්නෙත් නැහැ. පිස්සෝ 16 විහිළුවක් කලත් ඒකාබද්ධ විපක්ෂේ හිනා වෙන්නේ ලොක්කාගෙන් අහල. ඒකත් ගානට. එතරම් කීකරුයි. මෙහෙ එහෙම නැහැ. කෙලින්ම පිස්සන් කොටුවේ ලොක්කටම හිනා වෙන්න වුනත් පුළුවන්.
Reply : 37 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

