Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
රටට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් තිබෙනවා නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසා සිටියේය. 'අද' කළ විමසුමකදී හෙතෙම මේ බව පැවසීය.
තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටියේ 2019 වර්ෂයේදී බවත් එවකට තමන්ට එල්ල වූ බලපෑම් නිසා බලාපොරොත්තු වූ කාලසීමාවට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තමන් තීරණය කළ බවද ඩිල්ෂාන් පවසවා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන දක්ෂතා දෙස අවධානය යොමු කිරීමේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තමන් ඉක්මන්වුවා වැඩි යැයි සිතෙන බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවැනි කඩාවැටීමක් තමන් කිසිදින අපේක්ෂා නොකළ බවත්, එය දැඩි වේදනාවක් ඇති කරවන්නක් බවද ඔහු පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිල්ෂාන්,
"නැවත කණ්ඩායමට එකතුවෙන්න බලාපොරොත්තුවක් දැනට නැහැ. හැබැයි මම වෙළෙ සේවා ක්‍රිකට් තරගාවලියට නායකයෙකු ලෙස මේ දිනවල තරගවලට සහභාගි වෙනවා. මේ සතියෙත් තරග දෙකක් තියෙනවා. මගෙන් තවදුරටත් රටට, කණ්ඩායමට අවශ්‍යතාවක් තියෙනවා නම් එය ලබාදෙන්න මම සූදානම්.
මම සමුගන්න බලාපොරොත්තුවෙන් හිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ. නමුත් මාව ඉලක්ක කරගෙන සිදු වූ සිදුවීම් නිසා මම වේලාසනම සමුගත්තා. එවකට හිටපු තේරීම් කමිටුව මට ඔස්ට්‍රේලියානු සංචාරයට සහභාගී නොවන ලෙස ඉල්ලා සිටියා නවකයන් අත්හදා බලන්න ඕන කියලා. ඔවුන් දිගින් දිගටම නවකයන් අත්හදා බලන්න තමයි සැලසුම් කර තිබුණේ. දිගින් දිගටම නවකයන් අත්හදා බලන්න යොදා ගන්නවානම් මම හිතුවා මගෙන් කණ්ඩායමට කිසිම වැඩක් නැහැ ඒ නිසා මම කණ්ඩායමෙන් සමුගන්න ඕන කියලා.
ඒ නිසයි මම සමුගත්තේ. එහෙම නැතුව මම කණ්ඩායමෙන් සමුගන්න බලාපොරොත්තුවෙන් හිටියේ නැහැ. සමුගන්නා අවස්ථාව වන විටත් මම හිටියේ අංක එකේ. මම සමුගත්ත අවසන් තරගෙත් මම හොඳට ක්‍රීඩා කළා.ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන තත්ත්වයත් එක්ක මට හිතුනා තව ටිකක් ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වෙන්න තිබුණා කියලා.
ප්‍රශ්න තිබුණත් ඒවා දරාගෙන ඉන්න තිබුණා කියලා මට හිතෙනවා වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩාවැටීම දකින කොට. මේ කඩාවැටීම ගැන මට ගොඩක් දුකයි. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය වැනි රටවල්වලට පැරදිලා ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වෙනකොට ගොඩක් දුකයි. හැබැයි ඉතින් අපි මේ ඉන්න ක්‍රීඩකයන් රැකගත යුතුයි කියන තැන මම ඉන්නවා. මොකද මේ ඉන්න ක්‍රීඩකයන් එක්ක තමයි අපිට ලෝක කුසලානයට යන්න වෙන්නේ. කෙසේ වෙතත් හිටපු ක්‍රීඩකයෙකු හැටියටත්, ක්‍රිකට් ලෝලියෙකු හැටියටත් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්න තැන ගැන කනගාටුයි. " යැයි ද සඳහන් කර සිටියේය.
popular news
Champa Thursday, 20 September 2018 02:46 PM
මමත් ඩිල්ෂාන් ගැන හිතුව. මාලිංගට වගේම ඩිල්ෂාන්ටත් නොයෙකුත් හිරිහැර සිද්ධ වුනා. එපා වෙලා යන තැනටම වැඩ සිද්ධ කළා. මාලිංගව නම් උවමනාවෙන්ම අයින් කළා. හැබැයි මාලිංග අතාරියේත් නැහැ. ලංකාවේ ප්‍රේක්ෂකයෝ මාලිංගව ඇත හරියෙත් නැහැ. උවමනාවෙන්ම පරදින කණ්ඩායමකට cheer කරන්න ප්‍රේක්ෂකයෝ බැඳිලා නැහැ. මාලිංගව ආපහු ගත්ත වගේ ඩිල්ෂාන්වත් ආපහු කණ්ඩායමට ගන්න ඕනේ. මොනවාද මේ කියන්නේ? බංගලාදේශේටයි ඇෆ්ගනිස්තනේටයිත් පරදින කණ්ඩායමක් කොහොමද world cup ගහන්නේ? ඩිල්ෂාන්ව ආපහු කණ්ඩායමට ගන්න ඕනේ.
Reply : 9 128
රසික ලක්ෂාන් වික්‍රමසිංහ Thursday, 20 September 2018 11:04 PM
කෙටියෙන් කිව්වොත් ලංකා ටීම් එක ගැන කවර කතාද.....ඩිල්ශාන්ගේ මාලිංග ගෙයි අඩුව ගොඩක් දැනුණා.මැතිව්ස් දැන්නම් හැදෙන්න ඕනෙ.බොරැ ෂෝ එක නොදා නියම නායකයෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන captain cool වගේ වෙන්න ඕනෙ.අනිවාර්යයෙන් ඩිල්ශාන් ඔ්නෙ.
Reply : 0 2
Champa Friday, 21 September 2018 04:07 PM
මාලිංගයි ඩිල්ෂානුයි හොඳට සෙල්ලම් කරත්දී තමයි දෙන්නවම අයින් වෙන විදිහට හිටපු ඇමැතියි ක්‍රිකට් පාලක මණ්ඩලයයි තේරීම් කමිටුවයි වැඩ කෙරුවේ. මැතිව්ස්ගෙන් වැඩක් නැහැ.Team එකේ භාගයක්ම වැඩක් නැහැ. හොඳටම තේරෙනවා ප්‍රෝඩාවක් කරන්නේ කියල. කාලයක් තිස්සේ වෙන දේවල් දිහා බලපුවහම හිතන්නේ පැරදුනහම ලැබෙන ගාන දිනුවහම ලැබෙන ගානට වඩා වැඩියි. ඒකියන්නේ කණ්ඩායමෙන් ලැබෙන ගානයි පැරදුනහම ලැබෙන ගානයි එකතුව වැඩියි. මිනිස්සු මෝඩයෝ කියලා මේ ගොල්ලෝ හිතා ගෙන ඇත්තේ. කවුරුවත් කතා කරන්නේ නැත්තේ අපේ රටේ කණ්ඩායමනේ කියල. තවදුරටත් නිශ්ශබ්දව ඉන්න එකේ තේරුමක් නැහැ. පැහදිලිවම තේරීම් කමිටුවයි සමහර ක්‍රීඩකයනුයි අතර understanding එකක් තියෙනව. මම නම් ක්‍රිකට් බලන එකත් අත්හැරිය එපා වෙලා. මාලිංග ආවහම තමයි ආයේ බලන්න ගත්තේ. ඩිල්ෂාන් හොඳ නායකයෙක්. මාලිංග ඩිල්ෂාන් දෙන්නම හොඳයි. මිනිස්සු හුඟක් ආදරෙයි. දෙන්නම මිනිස්සුන්ට හුඟක් සමීපයි. බොරු සෝබන නැහැ down to earth. Faiszer Mustapha ට ක්‍රිකට් ගොඩ ගන්න ඕනේ කම තියෙනවා. හැබැයි ඇතුලේ support එක නැහැ. Hello Mr Minister, PLEASE intervene to get Dilshan back in the team as the Captain. Thank you!
Reply : 0 1
Senarath Sunday, 23 September 2018 08:19 AM
Record shows that when Dil was captain, winning rate was high and that is why Sanga and Mahela together suddenly removed him eventhough just after first ever test series win in SA and Mahela taken over captaincy again. We lost his service as captain. Mathews never bowl when he was captain , because of sanga and mahela's influence.
0 1
K.w.g.g .geethika Thursday, 20 September 2018 05:16 PM
දිල්ෂාන් නැවත පැමිණන තුරු ලංකාව බල එදින මොහොතක් මක මාලිංග wagema දිල්ෂානුත් නැවත කණ්ඩායමට නැවත අම තමි hoda
Reply : 0 1
Mohamad rihab Thursday, 20 September 2018 06:34 PM
Dilshan ayeth anawanam hodai godak kandaymata sri lakna tem ekata godak watinawa dantheyana hatiyata sanga mahela t.m d geya wetarai ape tem eka kada watuna me aurudu 3 tamai ape tem eka watune godak ma ape kandayama ahama watenna denna ba ape loka shorayo
Reply : 0 1
selva kumar Thursday, 20 September 2018 08:28 PM
aniwareyenme dilsan awassayai 2019 lokeka kusalaneya thinaganimate nam malinga and dilsan awassayai danwath therin camituwata theranneone.
Reply : 0 1
m.s.t.pereis Thursday, 20 September 2018 09:04 PM
දිල්ෂාන් නැවතේ කණ්ඩායමට පැමිණිය uthui
Reply : 0 1
dilsan enawanam tikak hari hodai Friday, 21 September 2018 07:49 AM
dilshan ☺
Reply : 0 1
dilsan enawanam tikak hari hodai Friday, 21 September 2018 07:49 AM
dilshan ☺
Reply : 0 1
අයි.එස්.කේ.ගමගේ Friday, 21 September 2018 09:40 AM
අනිවාර්යෙන්ම දිල්ෂාන් නායකයා කරලා ඔහුගේ සේවය රටට ලබාගත යුතුයි
Reply : 0 1
Wasantha senaratne Friday, 21 September 2018 10:41 AM
Not only Dilshan , take Mahela and Sanga too and let new players to get some experience from them. There will be no other way
Reply : 2 0
k a sujit Friday, 21 September 2018 11:15 AM
dilshan Hanna one
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd