කොවිඩ්-19 වසංගතයට එරෙහිව ගෙනයන ගෝලීය සටනට සහාය දැක්වීම සඳහා යුරෝපා සංගමය විසින් යුරෝ බිලියන 7.5ක (ඇ.ඩො.බිලියන 8.1ක) අරමුදලක් රැස්කිරීමට යුරෝපා සංගමය සූදානම් වෙයි.
යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පැවසුවේ මෙම අරමුදල මැයි 4දා ආරම්භ කරන බවයි.
වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වන ප්රයත්නයන් මෙන්ම, රෝගාතුර වූවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහාද මෙම මුදල් යොදවනු ඇතැයි ඇය කීවාය.
"මෙය පළමු පියවරක් පමණයි. නමුත් අනාගතයේදී තවත් බොහෝ දේ අවශ්‍ය වනු ඇති." ඇය වැඩිදුරටත් කීවාය.