ඉන්දියාවේදී ප්‍රථම වරට හඳුනාගත් කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය, මෙතෙක් හඳුනාගෙන ඇති ප්‍රභේදයන්ගෙන් වඩාත්ම සම්ප්‍රේෂණය කළ හැකි වෛරසය ප්‍රභේදය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අඟවයි.
එය දැනට අවම වශයෙන් රටවල් 85කදී හඳුනාගෙන ඇති අතර, හඳුනා නොගත් ජනගහනය අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවද හෙතෙම අවධාරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අද (25දා) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ කොවිඩ්-19 වෛරසයේ නව ප්රභේදයන් අපේක්ෂා කරන බවත් එය අඛණ්ඩව විකාශනය වන බවත්ය. කෙසේ නමුත් සම්ප්‍රේෂණය වැළැක්වීමෙන් ප්රභේදයන් මතුවීම වළක්වා ගත හැකි බවද ටෙඩ්රොස් වැඩිදුරටත් අවධාරණය කළේය.