ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට චීන කොවිඩ් එන්නත් ඵලදායි බව චීනයේ ඉහළම වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් පැවැසීය. ඒ අනුව එම ප්‍ර භේදයෙන් ආරක්ෂාවීමට වැඩි පිරිසකට එන්නත් ලබාදිය යුතු බවද ඔහු පැවැසීය.
දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ අගනුවර වන ගුවැන්ෂු හි යළි වසංගතය හිස එසවීම, හා ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නන්ෂාන් මේ බව පැවැසීය. මැයි මාසයේ සිට ගුවැන්ෂු හි රෝගීන් 153 ක් වාර්තා වූ නමුත් ජුනි 19 සිට 24 දක්වා කාලය තුළ නව දේශීය ආසාදන වාර්තා වී නොමැත.
ජනතාවගේ ප්‍රතිශක්තිය තහවුරු කිරීම වෙනුවෙන් වැඩි පිරිසකට එන්නත් ලබා දිය යුතු බවද ඔහු මෙහිදි පැවැසීය.