අධික ලෙස සම්ප්‍රේෂණය වන ඩෙල්ටා කොවිඩ්-19 ප්‍රභේදය පාලනය කිරීමට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලධාරීන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින අතර, එහි ඉදිරි පියවරක් ලෙස සිඩ්නි නුවර සහ බොන්ඩි බීච් ඇතුළු නගරයේ නැගෙනහිර තදාසන්න ප්‍රදේශයන් අද (25දා) මධ්‍යම රාත්‍රියේ සිට සතියක් ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් වෛද්‍යවරුන් නියෝජනය කරන ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය කියා සිටියේ මෙම පියවර ප්‍රමාණවත් නොවන අතර, වෛරසය පැතිරීම හා මරණ වැළැක්වීම සඳහා රටේ විශාලතම නගරය (සිඩ්නි) සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කළ යුතු බවයි.
සිඩ්නි නුවර ජුනි 15 සිට 23 දක්වා කාලය තුළ රූපලාවණ්‍යාගාරයක සුපිරි පැතිරීමේ සිදුවීමක් වාර්තා වන්නේ, එහි කාර්ය මණ්ඩලය තිදෙනෙකු ආසාදනය වී, පසුව සේවාදායකයන් 900කට අධික සංඛ්‍යාවක් එහි සේවය ලබාගැනීමට පැමිණ තිබූ නිසාය.
ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය මෙන්ම, එරට මිලියන මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් වාසය කරන සිඩ්නි නුවර වෛරසය පැතිර ගිය නව ස්ථාන දුසිමකට අධික සංඛ්‍යාවක් ගැන නිලධාරීන් අනතුරු ඇඟවීම් දැනටමක් සිදුකර ඇත.
ඒ අනුව කාර්යාල, නගර සභා හතක පදිංචිකරුවන්ට නගරයෙන් පිටවීම සීමා කිරීම සහ නිවාස රැස්වීම් 5දෙනෙකුට සීමා කිරීම ඇතුළු සිඩ්නි නුවර සියලුම ගෘහස්ථ ස්ථානවල අනිවාර්ය මුඛ ආවරණ පැලඳීම හැර, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවම සම්පූර්ණ ලොක්ඩවුන් එකකට යාමට අදහස් කර නැත.