ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී යුනෙස්කෝ ලෝක උරුම කලාපයක් වන උලුරු වෙත පිවිසෙන ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරය ඇතුළු ප්‍රධාන නගර හතරකට අගුලු දැමීමට බලධාරීන්ට සිදුව ඇත්තේ ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය තවත් ප්‍රාන්ත වෙත පැතිරයාම වැළැක්වීම සඳහාය.
පසුගිය දින කිහිපය තුළ, සිඩ්නි, පර්ත්, බ්‍රිස්බේන් සහ ඩාවින් යන නගර අගුලු දමා ඇති නමුත්, රට පුරා දිනපතා වාර්තා වන ආසාදිත සිද්ධීන් ගණන තවමත් දහස් ගණනින් වාර්තා නොවී සිය ගණනින් වාර්තා වන්නේ ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල නිසාවෙනි.
ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මේ වනවිට නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ සිටින අතර, තවත් මිලියන ගණනක් වෙනත් ස්ථාන කිහිපයක අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය මධ්‍යයේ චලනය සීමා කිරීම් සහ අනිවාර්ය මුඛ ආවරණ පැලඳීම සිදුකරයි.
ආසාදිත සංචාරකයෙකු ගුවන් තොටුපල භාවිත කිරීමෙන් පසුව, බලධාරීන් විසින් නිවසේ සිටීමේ නියෝග නිකුත් කරනු ලැබුවේ, කොවිඩ් අවදානම දුර බැහැර නගරයක් වන ඇලිස් ස්ප්‍රින්ග්ස් වෙතද ළඟාවී ඇති බව පෙන්වා දෙමිනි.
ඇලිස් ස්ප්‍රින්ග්ස් හි 30,000කට වඩා අඩු පිරිසක් ජීවත් වුවත්, ලොව පුරා සංචාරක ආකර්ෂණය දිනාගත් උලුරු වෙත පිවිසෙන ස්ථානයයි. කලින් අයර්ස් රොක් ලෙස හැඳින්වූ මෙය ආදිවාසී ඔස්ට්‍රේලියානුවන්ට පූජනීය ස්ථානයකි.
ජූලි 9දා දක්වා සති දෙකක අගුලු දැමීමක් යටතේ සිඩ්නි හි පදිංචිකරුවන් මිලියන 5කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් බදාදා දේශීයව සම්ප්‍රේෂණය කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් 22ක් වාර්තා කරන ලදී.
එය පෙර දින දෙකට වඩා මඳක් ඉහළ ගිය නමුත් ඉරිදා වාර්තා වූ නව අවස්ථා 30ක උපරිමයට වඩා පහළින් පවතී. සති දෙකකට පෙර ආරම්භ වූ වර්තමාන ආසාදන පැතිර යාමෙන් වඩාත් දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ එම ප්‍රාන්තයයි. විදේශීය ගුවන් සේවයේ නියුතු ලිමොසින් රියදුරෙකු ධනාත්මක බව පරීක්ෂා කිරීම එහි මූලාරම්භය විය.
මේ ක්වීන්ස්ලන්තයේ ඊසානදිග ප්‍රාන්තය විසින් දේශීය වශයෙන් අත්පත් කරගත් නව ආසාදන අවස්ථා තුනක් වාර්තා කර ඇති අතර, බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය මෙන්ම, දකුණු ඕස්ට්‍රේලියාවද මේ වසරේදී දේශීයව සම්ප්‍රේෂණය වූ පළමු රෝගීන් වාර්තා කර ඇත.
අගුලු දැමීම්, දැඩි සමාජ දුරස්ථභාවය, වේගවත් සම්බන්ධතා සොයා ගැනීම සහ ඉහළ ප්‍රජා අනුකූලතාවයක් ඔස්ට්‍රේලියාවට පෙර පැතිරීම වැළැක්වීමට සහ එහි කොවිඩ්-19 සංඛ්‍යා සාපේක්ෂව අඩු මට්ටමක තබා ගැනීමට උපකාරී වී තිබේ. වසංගතය ආරම්භයේ සිට මේ දක්වා වාර්තා වී ඇත්තේ රෝගීන් 30,560කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 910ක් පමණි.
එහෙත් එහි වැඩිහිටි ජනගහනය මිලියන 20න් 5%කටත් වඩා අඩු ප්‍රමාණයකට තවමත් සම්පූර්ණයෙන්ම එන්නත ලබා දී ඇති අතර, එරට මන්දගාමී ජාතික එන්නත් කිරීමේ ක්‍රියාවලිය විවේචනය කිරීමට හේතු වී තිබේ.