දුරස්ථ පාලක ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන අධිආරක්ෂිත කලාපය වීඩියෝ කළ චීන ජාතිකයෙක් අද (23) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
අරලියගහ මන්දිරය ආසන්නයේ මහල් 35කින් පමණ වූ හෝටලයක ඉහළ මාලයේ සිට සැකකාර චීන ජාතිකයා ඩ්‍රෝන කැමරාව පියාසර කර තිබූ බව පොලිසිය කියයි.
ගුවන් හමුදා නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබිණි.
වයස අවුරුදු 40 වන සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.