ඩොමිනිකන් ජනරජයට චීන එන්නත් තොග දෙකක් ලැබුණු බවත්, මෙම කැරිබියානු රාජ්‍යයට කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ සැලැස්ම ඉදිරියට ගෙනයාමට ඒ සමග ඉඩ ලැබෙන බවත් චීන මාධ්‍ය වාර්තා පවසයි.
මෙම එන්නත් භාරදීමේ උත්සවයට රටේ උප ජනාධිපති රාකෙල් පෙනා, මහජන සෞඛ්‍ය අමාත්‍ය ඩැනියෙල් රිවේරා සහ ඩොමිනිකන් ජනරජයේ චීන තානාපති ෂැං ආදීන් එරට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම නැව්ගත කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් එන්නත් තොගයක් සහ ඩොමිනිකන් රජය විසින් මිලදී ගත් සීනොවැක් එන්නත් මාත්‍රා තොගයක්ද අඩංගු බව කියයි.
"චීනයෙන් ලැබුණු මෙම එන්නත් සමග ඩොමිනිකන් ජනරජය නැවතත් කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී උමග අවසානයේ බලාපොරොත්තුව හා ආලෝකය දැකීමට සූදානම්ව සිටිනවා" යැයි උප ජනාධිපති පෙනා පැවසීය.
"අපි එය බෙහෙවින් අගය කරන අතර එය චීනය සහ ඩොමිනිකන් ජනරජය අතර සහයෝගීතාවයේ සලකුණක් ලෙස සලකනවා. මේ සමග අපි සම්පූර්ණ එන්නත් කිරීමේ සැලැස්ම ඉදිරියට ගෙන යන බවට සහතික වෙනවා" යැයි උපජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.
"මෙය වසංගතයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත් ජයග්‍රහණයක්" යැයි චීන තානාපතිවරයා පැවසීය. "දෙරටේ මෙම උත්සාහය ක්‍රියාත්මක කිරීමට ලැබීම අපට ඉමහත් තෘප්තියක් වෙනවා."